virat-kohli-2

කෝලිගෙන් තවත් වාර්තාවක්

සංචාරක එංගලන්ත කණඩායමට එරෙහිව මුම්බායිහිදී වැන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (11 වැනිදා) පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 631 ක් ලබා ගත්හ.

 

ඒ අනුව ඔවුන්  එංගලන්තයට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටින අතර

විරාට් කෝලි ලකුණු 235ක්ද, ජයන්ත් යාදව් ලකුණු 104 ක්ද ලබමින් සුපිරි පිතිහරබයක නිරත විය.

මෙම තරගාවලියේදී ටෙස්ට් තරග 4 කදී විරාට් කෝලි මෙතෙක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 640 කි.  ටෙස්ට් තරගාවලියකදී වැඩිම ලකුණු ලබාගත ඉන්දියානු පිතිකරුවා වී සිටියේ සුනිල් ගවස්කාර්ය. සුනිල් ගවස්කාර් 1978-79 තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කැරීබියන් දූපත් සමූහයේදී ලකුණු 732 ක් ලබාගත් අතර 1981-82 තරගවාරයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 500 ක් ලබාගත්තේය.

 

අද දිනයේදී තමාගේ හොදම ටෙස්ට් ඉනිම වාර්තා කල  නායක විරාට් කෝලි  ඊට හතරේ පහර 25 ක් සහ හයේ පහර 1ක් ඊට ඇතුළත් කළහ. යාදව්ගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත් විය. මේ වන විට ඔවුන් දෙදෙනා එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 87 කි.

සීමිත ඕවර් තරග වල වාර්තා හබායාමේ ශූර කෝලි මෑත කාලයේ නායකත්වය ලැබීම සමග ටෙස්ට් පිටියේද වාර්තා වෙත යන ආකාරය දැකිය හැක

ඔහු ලබාගත් 235 ඉන්දීය නායකයෙකු ලබාගත් හොදම ටෙස්ට් ඉනිම ලෙස වාර්තාගත විය. පෙර වාර්තාවට හිමිකම් කීවේ හිටපු නායක MS දෝණිය.capture-20161212-005231

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.