1

අපරාජිත පරාජිතයා

221964 වර්ෂයේ ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් තරඟාවලියේ දී මීටර් 10000 ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයා ඔහුයි.එම ඉසව්ව ජයග්‍රහණය කල ජයග්‍රාහකයා ඔහු නොව්.තරඟය අවසානයට නිම කල ක්‍රීඩකයා ඔහුයි.මේ ඔහුගේ කතාවයි.

මෙම තරඟාවලියේ ක්‍රීඩකයන් 52 ක් සහභාගී වූ මීටර් 5000 පිරිමි ඉසව්වට සහභාගී වූ ඔහු 47 වැනියා විය. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් ශාරීරිකව දුර්වලව සිටි ඔහු මීටර් 10000 තරඟ ඉසව්වට සහභාගී වූයේ තම කුඩා දියණියගේ ඉල්ලීම මත ඇය සතුටු කිරීමේ අරමුණෙනි.

තරඟය නිම කිරීම සඳහා පිටිය වටා වට 25 ක් දිවිය යුතු අතර මෙම තරඟයේ ජයග්‍රාහකයා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Billy Mills ය. ඒ වන විට කරුණානන්ද හට තරඟය නිම කිරීමට තවත් වට 4 ක් තිබුණි. ඔහුට තරඟයෙන් ඉවත් වීමට අවස්ථාව තිබුණත් ඔහු එසේ නොකර ඉතිරි වට 4 තනිවම දිවීම සිදු කරන ලදි. පළමු වටයේ දී ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලුම දෙනා හූ කීමටත් කෑ ගැසීමටත් විය. එයින් නොසැලුනු ඔහු දෙවන වටය ද දිවීමට පටන් ගත් අතර එහිදී ‍ප්‍රේක්ෂකයන් අතට අසුවුනු දෙයකින් ඔහුට දමා ගසන්නට විය. තුන්වන වටය ද තනිවම දිවීමට පටන් ගත් විට ප්‍රේක්ෂකාගාරය නිශ්ශබ්ද විය. තරඟය අවසන් කිරිමේ අරමුණෙන් 4 වන වටය දිවීමේ දී ඔහුට සමච්චල් කල ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලුම දෙනා ආසන වලින් නැගිට අත්පුඩි ගසමින් ඔහුට ආචාර කරන්නට විය. තරඟය නිම කිරීමට තිබූ අවසන් මීටර 100 ඉතා වේගයෙන් දිව ගිය ඔහු සියල්ලන්ගේම ආචාරය මැද තරඟය නිම කලේය.

තරඟය නිම වීමෙන් පසු “ඔබ තරඟය තනිවම ඉදිරියට ගෙන යාමට හේතුව කුමක්ද” ලෙස මාධ්‍යවේදීන් කරුණානන්දගෙන් අසන ලද පැනයට ඔහුගේ පිළිතුර වූයේ “ජයග්‍රහණයට වඩා වැදගත් වන්නේ සහභාගී වීමයි” යන්නයි. තරඟයේ ජයග්‍රාහකයා වූ Billy Mills පවසා ඇත්තේ තමා ලද රන් පදක්කම හිමි විය යුත්තේ තමාට නොව කරුණානන්දට බවයි.

අපරාජිත පරාජිතයෙකු වූ කරුණානන්දගේ කතාව තුල ඇති වැදගත්කම වටහා ගත් ජපනුන් එය තම දරුවනට ආදර්ශයක් ලෙස 5 වසර පාසල් පෙළ පොතේ පළමු පාඩම ලෙස “ධෛර්යවන්ත මිනිසා” නමින් ඇතුලත් කර ඇත.

පසුව වාර්තා වන ආකාරයට කරුණානන්දගේ ක්‍රියාවේ වැදගත්කම වටහා ගත් ජපානය ඔහුට එම රටේ රැකියාවක් ලබා දීමට තීරණය කර ඇති අතර එය පිළිගැනීමට පෙර ඔහු අභිරහස් ලෙස මියගොස් ඇත. සමහර පුද්ගලයින් එය හදිසි අනතුරක් බව පවසන අතර තවත් සමහරෙක් එය මිනීමැරුමක් ලෙස දක්වති. මුළු ලොවම වීරයෙකු ලෙස පිළිගත් මෙම විශිෂ්ට ක්‍රීඩකයාගේ අවසානය එසේ සිදුවුවද ඔහුගේ නාමය අප හද තුල තවමත් නොනැසී පවතී.

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.