sl

ශ්‍රී ලංකාව හොංකොං හමුවේ පැරදේ…..

ආසියානු ශූරතා වයස අවුරුදු 19 r1-cropන් පහළ රග්බි තරගාවලියේ අතිශය තීරණාත්මක තරගය අද මැලේසියාවේ UPM ක්‍රීඩාංගනයේදී පැවැත්විණි ඒ හිටපු ශූරයන් වන හොංකොං කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතරයි. එහිදී වත්මන් රග්බි ඒෂියා 19 න් පහල ශූරයන් වන හොංකොං කණ්ඩායම, ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි කණ්ඩායම පරාජයට පත්කරමින් 61-00 ක් ලෙස පළමු තරඟය ජයග්‍රහණය කරන්නට සමත් වියතරඟයේ සියළු අංශවලින් පරිපූර්ණව සිටි හොංකොං ශූරයන් තරඟ ආරම්භයේ සිටම සිය දස්කම් දක්වන්නට විය. තරඟයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු තත්වය 27-00 ක් විය.

ලකුණු වාර්තා කිරීමේ පැහැදිලි අවස්ථාවන් 3 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු අතර පන්දුව ග්‍රහණය කරගැනීමේ දුර්වලතා හේතුවෙන් ඒ සියළු අවස්ථාවන් ගිලිහී ගියේය. තරඟය මුලදී මෙන්ම දෙවන අර්ධයේ ප්‍රථම මිනිත්තුවේදී උත්සාහක දිනුමක් වාර්තා කරන්නට හොංකොං ක්‍රීඩකයන් සමත් විය.මනා ශාරීරික අභ්‍යාසවල වැදගත්කම ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායම අවසානයේ දී ලකුණු 61-00 ක් ලෙස දැවැන්ත ජයක් අත්කර ගනු ලැබීය. තරඟයේ වීරයා වූයේ හොංකොං කණ්ඩායමේ ඔලිවර් ඕවර්මන් ය. මාකස් රැමේජ් , කැමරූන් ස්මිත් , මැතිව් වෝලි , ජේම්ස් කාටන් , මාක් කෝබර්ග් යන ක්‍රීඩකයින් ද හොංකොං වෙනුවෙන් ලකුණු රැස් කරන ලදි.

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.