ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී ලැබූ ප්‍රථම සහ එකම ටෙස්ට් ජයග්‍රහණයේ විශේෂ අවස්ථා…

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර 2011/12 ඩර්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 208 ක ජයක් ලැබූහ.

දකුණු අප‍්‍රිකාවේ ටෙස්ට් සංචාර හතරකට සහභාගි වූ ශ්‍රී ලංකාව, දකුණු අප‍්‍රිකාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය මෙය වේ. මෙම තරගයේදී   රංගන හේරත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 79 කට කඩුලූ පහක් සමගින් ඉනිම දෙකේදී 128 කට කඩුලූ නවයක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මාන හිමිකර ගත්තේය.

පිතිකරුවන් ලෙස සාර්ථක වූ තිලාන් සමරවීර සහ කුමාර සංගක්කාර මෙම තරගයේ ශතක ලබාගත් අතර පළමු ඉනිමේ සුපිරි පන්දු යවීමක නිරත වෙමින් චානක වෙලගෙදර කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.