ADELAIDE, AUSTRALIA - NOVEMBER 04:  South African coach Russell Domingo prepares for his training session at Adelaide Oval on November 4, 2014 in Adelaide, Australia.  (Photo by Morne de Klerk/Getty Images)

‘අපි ලංකාවට හොදට සලකනවා’… දකුණු අප්‍රිකා පුහුණුකරු කියයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත් කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 26 වනදා පොර්ට් එලිසබට්  ජෝර්ජ් පාක් හිදී ඇරබීමට නියමිතය,

මෙම පිටිය දකුණු අප්‍රිකාවේ අනෙකුත් ක්‍රීඩාංගන වලට සාපේක්ෂව ඉපිලීම සහ වේගය අඩු  මන්දගාමී පිටියක් ලෙස සැලකෙන අතර එය ශ්‍රී ලංකාවට යම් සහනයක් වනු ඇත.

මෙම පිටියේ අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ මීට වසර 6 ට පෙර කොදෙව් කණ්ඩායම සමගය.එම තරගය විසදුමකින් තොරව නිමාවී ඇති අතර එම තරගයේ බිද වැටුන කඩුලු 17 න් 12ක් ම වේගපන්දු යවන්නන් ලබාගෙන තිබේ.

පළමු තරගයේ පිටිය පිළිබද අදහස් දක්වන දකුණු අප්‍රිකා පුහුණුකරු රසල් ඩොමින්ගෝ, පවසන්නේ වේගපන්දු යවන්නන්ට සහයක් නොලැබුනත් පන්දුවේ පැහැය අඩු වන විට වේග පන්දු යවන්නන් යොදවාගෙන රිවර්ස්වීනග් පන්දු යොදාගෙන ප්‍රති වාදියා මෙල්ල කිරීමේ හැකියාව තමන්ට මෙම පිටියේ ඇති බවයි.

රසල්ට අනුව වඩාත් ඉවසිල්ලෙන් ක්‍රීඩා කරන කණ්ඩායමට පොර්ට් එලිසබට් අභියෝගය ජයගත හැක. ශ්‍රී ලංකාවටද  ජයගත හැකි සමබර තත්වයේ පිටියක් ලෙස ඔහු මෙම ක්‍රීඩාංගනය හදුන්වයි.

කෙසේ නමුත් තණතිල්ල කුමන ආකාරයට හැසිරුනද පොර්ට් එලිසබට්  හිදී ලැබෙන ප්‍රේක්ෂක සහය දකුණු අප්‍රිකාවට වඩාත් වාසිදායක වනු ඇතැයි රසල් පවසයි.

දකුණු අප්‍රිකාවට හිරු තදින් පතිත වන සමයක  ශ්‍රී ලංකාවට හිතකර තත්වයක මෙම තරගාවලිය පැවැත්වීම නිසා සංචාරක කණ්ඩායමට අපහසුතාවයන්ට මුහුණ නොදී හොදින් ආගන්තුක සත්කාර ලැබෙන තරගාවලියක් ලෙසද දකුණු අප්‍රිකා පුහුණු කරු මෙම තරගාවලිය හදුන්වයි.

179205

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.