ind-vs-sl-youth-asia-cup-u19-live-photos

ශ්‍රී ලංකා නායකයා අතට ගත් ආසියා කුසලානය බිම දමා ගනී..


යොවුන් ආසියා ශුරතාවය වෙනුවෙන් ඊයේ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමේ නායක කවිඳු මෙන්ඩිස් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 57 කදී ලකුණු 54 ලබා ගෙන තරගය ජයග්‍රහණය සදහා කැදවාගෙන යාමට උත්සාහ කලද මැද පෙළ සහ පසු පෙළ අසාර්ථක වීම නිසා තරගාවලියේ අනුශුරතාවයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ජයග්‍රහණය සදහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 48.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 239 ක්  පමණි.ශ්‍රී ලංකා යොවුන් පිලේ බලාපොරොත්තු සුන්කරමින් අභිෂේක් ශර්මා ලකුණු 37 කට කඩුලු හතරක් සහ රාහුල් චහර් ලකුණු 22 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ආරම්බක  පිතිකරු රෙවන් කෙළී ලකුණු 62 ක් ලබා ගනිමින්  කමිඳු මෙන්ඩිස් සමගින් ලකුණු 53 ක සම්බන්ධතාවයක්ද පැවැත්වූයේය.දෙවැනි කඩුල්ල ලෙස හසිත බෝයගොඩ දැවීයාමට ආසන්න වනතෙක්ම ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය හයේ සීමාවෙන් එපිට තබාගැනිමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ සමත්වූහ. රෙවන් කෙළී සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 90 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් පැවැත්වූ හසිත බෝයගොඩ දැවීයනවිට මුළු ලකුණු සංඛ්‍යාව 105 ක් ලෙස සටහන්වූ අතර පන්දු 38 කට පහරදෙමින් හයේ පහරක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 37 ක් රැස්කිරීමට ඔහු සමත්විය.

තරගාවලියේ වඩාත් විශ්වාසනීයම පිතිකරුවා වූ විශ්ව චතුරංග ලකුණු 13 කට දැවී යාම ශ්‍රී ලංකාවට මහත් පාඩුවක් විය.ඔහු තරගාවලිය පුරා 48 ක සාමාන්‍යයක් රදවා ගැනීමට සමත් විය.පන්දු යවන්නෙකු ලෙස වඩාත්ම සාර්ථක වූ පන්දු යවන්නා වූ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 10ක් බිද දමා ගැනීමට සමත් වුනේ එක් කඩුල්ලකට ලකුණු 8.3ක් සහ පන්දු වාරයකට ලකුණු 2.6 ලබා දෙමිනි.

ඉන්දියාව යොවුන් ආසියා කුසලානය දිනාගත් තෙවන අවස්තාව මෙය වේ..

capture-20161225-071259

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.