1886944-16x9-940x529

මොනවද මේ බොක්සිං දින ක්‍රිකට් කියන්නේ

Submitted by shasith sadaruwan-

බොක්සිං  ඩේ තරග අනිද්දා අරම්භ වෙනවා, ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර, නවසිලන්ය හා බන්ග්ලදෙශය අතර, ලංකාව හා අප්‍රිකාව අතර බොක්සිං ඩේ තරග විදියට සටන් වදිනවා,,

මොකක්ද මේ බොක්සිං ඩේ කියන්නේ කියලා කියන්නයි මන් මේ ලැහැත්ති වෙන්නෙ, සාමාන්‍යයෙන් නත්තල් දවසට පසු දවස තමයි බොක්සිං ඩේ කියලා හදුන්වන්නේ, මේකට හෙතුව තමයි සේවකයන්ට හා වෙළදුන්‍ට තමන්ගේ ස්වාමින්ගෙන් හා ඉහල පැලන්තියේ අයගෙන් තෑගි හම්බවෙන්නේ මේ දවසේ, මේ තෑගි ක්‍රිස්මස් බොක්ස් කියන නමින් තමයි හදුන්වන්නේ,

බොක්සිනුයි ක්‍රිකට් අතර ලොකු සම්බන්දයක් නැතත් බොක්සින දින ටෙස්ට් තරගය නම් ලොව පුරා වෙසෙන සියලුම ක්‍රිකට් ලෝලින්ගේ අවධානය දිනා ගන්නවා.නත්තල් දිනට පසු දින එනම් දෙසැම්බර් මස 26 බොක්සින් දිනය ලෙස හදුන්වන අතර එදින සාම්ප්‍රධායික ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායම හා එම කාලය වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ක්‍රිකට් කන්ඩායමක් අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවරදී ආරම්භ වෙනවා .ඒ වගේම සෑම සිව්වසරකටම වරක් අලු බොක්සින් දින ක්‍රිකට් තරගය අලු බදුන තරගාවලියට අයත් තරගයක් ලෙස එංගලන්තය සමග පවත්වනවා.

1. බොක්සින් දින ඉතිහාසය
වික්ටෝරියා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සම්ප්‍රදායික ලෙස ඔවුන්ගේ පලිහ ශූරතා තරග බොක්සින් දිනයේ ආරම්භ කිරීමට කටයුතු කලා.ඒ නිසාම ඔවුන්ට නත්තල් දිනය තමන්ගේ පවුලේ සාමජිකයන් සමග ගෙවීම පවා නොහැකිවී තිබුනා.

1951 වසරේ පැවති අලු බදුන් කුසලානය දෙසැම්බර් මස 22 සිට 27 දක්වා පැවති අතර එම තරගයේ තුන්වන දිනය බොක්සින් දිනයට අයත්වී තිබුනා.කෙසේ නමුත් 1953 සිට 1967 දක්වා බොක්සින් දින තරග නොපැවැත්වුනු අතර 1974-75 තරගවාරයේ පැවති අලු බදුන තරගාවලියේ තුන්වන තරගය බොක්සින් දිනයේ ආරම්භ කිරීමට කටයුතු කලා

වාර්ශිකව බොක්සින් දින තරග පැවැත්වීම 1980 වසරේ ආරම්භවුනු අතර එම වසරේ සිට සෑම වසරකම මෙල්බෝර්න් ක්‍රිකට සමාජය වාර්ශිකව මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනවා .කෙසේ නමුත් 1989 වසරේ ටෙස්ට් තරගයක් නොපැවැත්වූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගයක් පැවැත්වූ අතර එය ලකුනු 30කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහනය කරනු ලැබුවා.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.