119

මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයද…..?

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතෙක් ආ ගමන් මග දෙස බැලීමේදී මෑතකාලීන ඉතිහාසය තුල කණ්ඩායම නිරන්තයව ක්‍රීඩකයන් යුගල වටා එකතුවී ඉදිරියට පැමිණි ආකාරය දැකගත හැක.

රෝයි ඩයස්-දුලිප් මෙන්ඩිස්,අර්ජුන-අරවින්ද,සනත්-මාවන්,මහේල-සංගා,මැතිව්ස්-චන්දිමාල් වැනි යුගල පද ක්‍රිකට් ක්‍රීඩාවට කල සේවය නිසා ක්‍රිකට් පැමිණි ගමන්මග ඉදිරියට ගෙන යා හැකි තුරුම්පු දෙකක් ලෙස චරිත් අසලංක-සම්මු අශාන් හදුන්වා දිය හැක.

පසුගිය 19 පහල ලෝක කුසලානය දක්වා පවතී තරග වලදී ඔවුන් දෙදෙනාගේම හැකියාවන් කැපී පෙනේ.දැන් දෙදෙනාම ක්‍රීඩා කරන්නේ එකම ක්‍රීඩා සමාජයකටය.ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් රැසක් දායාද කල SSC  ක්‍රීඩා සමාජයේ අංක 3 පිතිකරු ලෙස අසලංක පිටියට එන අතර සම්මු අංක 4 පිතිකරුවා ලෙස ඊයේ තම පළමු පෙළ තරග වරම් ලබාගත්තේය.

බදුරලිය ක්‍රීඩා සමාජය සමග තරගයේ මුලින් පහර දෙන SSC  වෙනුවෙන් අසලංක ලකුණු 66 ක් ලබාගනිද්දී සම්මු තම මංගල පළමු පෙළ ඉනිම ශතකයක් කරා ගෙන යාමේ අපේක්ෂාවෙන් ලකුණු 80 පළමු දිනය නිමාවේදී නොදැවී කඩුල්ල ආරක්ෂා කරගෙන සිටී.

ක්‍රිකට් ගැන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය ගැනද අනාවැකි පල කිරීම කල නොහැකි උවද මොවුන් දෙදෙනාගේ මෑතකාලීන දක්ෂතා විමසීමේදී නම් ඔවුන්ගේ අනාගතය පැහැදිලිය.

capture-20161230-095853

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.