10dilshan_guard

ක්‍රිකට් පිටියේ 2017 ට නාපු අය…

තවමත් 2016 ක්‍රිකට් මතකයන් අමතක කිරීමට තරම් කාලයක් ගතවුනේ නැත.2016 ක්‍රිකට් පිටියේ වැදගත් සිදුවීම් ගණනාවක් සිදුවූ වසරක් ලෙස හැදින්විය හැක.ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අමතක නොවන මතකයන් රැසක් ක්‍රීඩා ලෝලීන්ට උරුම කර දුන් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් 2016 න් 2017ට පැමිණියේ නැත.ක්‍රිකට්  පිටියේ ඔවුන් තැබූ මතකයන් නම් ඔවුන් පිටියේ නොමැති වුවද ප්‍රේක්ෂකයන්ට අමතක නොවනු ඇත,

මෙසේ  2016 ක්‍රිකට් වලට ආයුබෝවන් කියූ ක්‍රීඩකයන් නම් ,

නවසීලන්තයේ ටෙස්ට් ක්‍රිකට් රටාව වෙනස් කල ලෝකයේ බිහි වූ වේගවත්ම පිතිකරුවෙකු මෙන්ම තවමත් T20 තරග වල වැඩිම ලකුණු වාර්තාව හිමි බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් වලින් සමු ගැනීම,

ලෝකයේ මෑත වකවානුව තුල සිටි හොදම තුන් ඉරියව් පිතිකරුවකු වූ ශේන් වොට්සන් ක්‍රිකට් වලට සමු දීම,

දශක දෙකක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඉහල සේවයක් කල,පහරදීමේ අමුතුම ඉරියව්ව නිසා සදා අමතක නොවන ශිවනරීන් චන්ද්‍රපෝල් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම,

හතර වන ඉනිමේ වැඩිම ලකුණු හබයමින් ඕස්ටේලියාව පරදවා වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයට චන්ද්‍රපෝල් සමග පෙරුණ ගත් බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් ටෙස්ට් එක්දින අංශ දෙකෙන්ම ලකුණු 5000 වඩා වාර්තා කල සටන්කාමී පිතිකරු රමනරේෂ් ශර්වාන්ගේ සමු ගැනීම,

සුපිරි පිතිකරුවෙකු වීමේ පෙර ලකුණු පෙන්වූ එංගලන්ත පිතිකරු ජේම්ස් ටේලර්  හෘද රෝගී තත්වයකින් පෙලීම හේතුවෙන්  ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට  තීරණය කිරීම,

පකිස්තානය නියෝජනය කල ආරම්භක පිතිකරු ඉම්රාන් ෆරහත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම,

ශ්‍රී ලංකාවට තරග රැසක ජයග්‍රහණ ලබාදීමට පෙරමුණ ගත් තිලකරත්න දිල්ශාන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම,

2016 වසර තුල සිදුවූ වැදගත් සමු ගැනීම් කිහිපයකි.

එමෙන්ම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තරග 200 ට වඩා නායකත්වය  ලබාදුන් ක්‍රිකට් නායිකාව වන චාලට් එඩ්වර්ඩ් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමද ක්‍රිකට් පිටියේ වැදගත් සිදුවීමකි.

 

 

 

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.