257023

අද තරගය පැවත්වෙන, කඳුලෙන් ඇරබුන නිව්ලන්ඩ්ස් පිටිය…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන  කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස්’ ක්‍රීඩාංගණය යනු දකුණු අප්‍රිකාවේ ඇති වේගවත්ම ක්‍රීඩාංගණය යයි.දකුණු අප්‍රිකානුවන්ගේ බලකොටුවක් ලෙස නිව්ලන්ඞ් ක්‍රීඩාංගණය සැලකෙන අතර 1993 සිට පැවැති ටෙස්ට් තරග 29 කින් තරග 19 ක් ජයගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වී සිටිති. මෙම ක්‍රීඩාංගණයේදී ඔවුන් පරාජය වී ඇති ටෙස්ට් තරග හතරම ඕස්ටේ්‍රලියානුවන් හමුවේදීය.

කෙසේ නමුත් මෙම පිටියේ වාර්තා දෙස බලන විට පිටියේ මංගල තරගය පිලිබදව ඇත්තේ අමිහිරි මතකයකි.1899 පවතී එම තරගයේ ඉනිම දෙකේම ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කර ගැනීමට දකුණු අප්‍රිකානුවෝ අසමත් විය.

මේ එම තරගයේ ලකුණු පුවරුවයි.

capture-20170103-092505

capture-20170103-092558

capture-20170103-092651

අතීතය එසේ වුවද දකුණු අප්‍රිකා කණ්ඩායම දැන් මෙම පිටියේ ශක්තිමත් වී තිබේ,ශ්‍රී ලංකා කණ්ඩායමද නිව්ලන්ඩ් පිටියේ සියලු තරග පරාජය වී ඇති අතර,ශ්‍රී ලංකාවද අතීතය අමතක කර අද තරගයට නව උපාය මාර්ග සමග පිවිසෙනු ඇතැයි යන්න ක්‍රීඩා ලෝලීන්ගේ පැතුමයි.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.