41af0c701b6fe65557d60d611d8b98bf

ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියා ප්‍රවීණයෝ කදවුරු බදී….

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි යනු  ආරම්භවීමට පෙර සිටම කතා මවන,පිත්තෙන් පන්දුවෙන් පමණක් නොව විවිද ප්‍රකාශ නිකුත් වීම් දෙපාර්ශවයෙන්ම සිදු වන ප්‍රේක්ෂකයන්ට අපුරු අත්දැකීම් රැසක් ලබා දෙන තරගාවලි වේ.

මෙම කණ්ඩායම් දෙකම එකිනෙකා හමු වේ පරාජය වීමට සූදානම් නැත.අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කල ඕස්ටේලියාව ටෙස්ට් තරගාවලිය අන්ත පරාජයකට ලක්වූ අතර නායක ස්මිත්ද කණ්ඩායම අතහැර තරගාවලිය අතරමග ඕස්ටේලියාව බලා පියාසර කල අතර,2017 වසරේ මෙම කණ්ඩායම් දෙක මුල්වරට හමුවන්නේ T 20 තරග තුනකිනි.එළබෙන පෙබරවාරියේ පැවැත්වෙන මෙම තරගාවලිය සදහා දැනටම ඕස්ටේලියාව සුදානම් වේ.

ඒ සදහා ජස්ටින් ලැන්ගර් ප්‍රදාන පුහුණු කරු ලෙස බදවාගෙන ඇති අතර ජේසන් ගිලෙප්සි සහය පුහුණු කරුවෙකු ලෙස ක්‍රියා කරද්දී තවත් සහය පුහුණු කරුවෙකු බදවාගෙන තිබේ.ඕස්ට්‍රේලියාවට ලෝක කුසලාන දෙකක් ලබාදීමට පෙරමුණ ගත් තම මංගල තරගයේ සිටම ශ්‍රී ලංකාව හමුවේ සාර්ථක රිකී පොන්ටින් මෙලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට එකතු වී ඇති නවතම තුරුම්පුවයි.

පොන්ටින් මෙම තනතුර සම්බන්දයෙන් සතුටෙන් කතා කර ඇති අතර තමන් යටතේ කණ්ඩායමේ සිටි ජෙෂ්ටයන් දෙදෙනාද සමග දැන් ක්‍රියාත්මක වන BBL තරගාවලියේ අදහාගත නොහැකි තරම් දක්ෂතා දක්වන තරුණයන් සමග ශ්‍රී ලංකාව පරාජය කිරීමට තමාට හැකිවේ යන්න පොන්ටින්ගේ විශ්වාසයයි.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.