29amlaroussowsa

අවසන් එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා දකුණු අප්‍රිකාව හැර යයි….

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නැවතත් අසුභ කාලයක් උදාවේදෝ යැයි සැක පහල කරමින් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ඔවුන් නිර්මාණය කල සම්පතක් වන රේලි රෝසෝව් දකුණු අප්‍රිකාවට සමුදෙමින් එංගලන්තයට සංක්‍රමණය කිරීමට තීරණය කර තිබේ.රෝසෝව්ට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක කෙයිල් අබ්‍රොඩ්ද මෙම තීරණයම ගෙන තිබේ.ඔවුන්ට මෙලෙස එංගලන්තයට සංක්‍රමණය වීමට හේතු වී ඇත්තේ ඔවුන් ඇති කර ගත් ගිවිසුමකි.එම ගිවිසුම අනුව තව දුරටත් මෙම ක්‍රීඩකයන් දෙදෙනාට දකුණු අප්‍රිකාව නියෝජනය කල නොහැක.

කයිල් ඇබට් හා රිලී රොසෙව්, එංගලන්තයේ හැම්ෂයර් හා  සදම්ටන් ප්‍රාන්ත කණ්ඩායම් සමගින් තුන් වසරක ගිවිසුමකට එළඹ ඇත්තේ, කොල්පක් ගිවිසුමක් හරහා වේ.

කොල්පක් ගිවිසුම අනුව, එම ක්‍රීඩකයන් යුරෝපානු පුරවැසියන් සේ සැලකීම නිසා තවදුරටත් දකුණු අප්‍රිකාවනුවන් ලෙස සැලකීමේ නෛතික හැකියාවක් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

තමන්ගේ මෙම තීරණය සම්බන්දයෙන් රේලි රෝසෝව් විදෙස් මාද්‍ය වලට පවසා ඇත්තේ,

“මා බොහෝ කාලයක් තිස්සේ මේ ගැන කල්පනා කළා. දකුණු අප්‍රිකාවෙන්‍, එංගලන්තයට සංක්‍රමණය වීමට මා කාලයක් පුරා හිතපු දෙයක්. ක්‍රීඩා කළ කාලය තුළ ඉතා සතුටින් දකුණු අප්‍රිකාව නියෝජනය කළා. ඒ වගේම ඉදිරියටත්, දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තරග ආසාවෙන් නරඹනවා”

නමුත් අබ්‍රෝඩ්ගේ අදහස වෙනකකි,

“මා සිතන ආකාරයට මා ගත්තේ නිවැරදි තීරණයක්,  දකුණු අප්‍රිකාව අමතක කර කොල්පක් ගිවිසුමකය එළඹීම ඉතා අපහසු තීරණයක් වුණා. නමුත්, මම ලබා දුන් දායකත්වය, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මගින් ඇගයීමට ලක් නොකිරීම මත කණ්ඩායමේ ස්ථානයක් අහිමිවීම මෙම තීරණට හේතු වුණා. ”

ඩේල් ස්ටේන්ගේ ආබාදය සමග ඕස්ටේ‍්‍රලියාව සමග තරගාවලියට එක් වූ අබ්‍රොඩ් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අප්‍රිකාවට ඉහල දායකත්වයක් ලබා දුන් අතර,රේලි රෝසෝව් ඔස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.