article-2512236-1997541e00000578-601_634x400

වෝනර්ගේ පිතිහරබය, මිස්බා සලිත කරයි…

පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර සිඩ්නි පිටියේ පැවැත්වෙන තෙවැනි සහ අවසන්  ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද පකිස්තානයට පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 315ක් පමණි.ඒ ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ ලබාගත් 538/8 ට පිළිතුරු වශයෙනි.

පිට පිට දෙවන වර පන්දුවට පහරදීමේ අවස්තාව පකිස්තානයට ලබාදීමට ඔස්ට්‍රේලියාවට හැකියාව තිබුනද ඔවුන් සිඩ්නි තණතිල්ලේ හතරවන ඉනිම ක්‍රීඩා කිරීමේ අවදානම නොගෙනම තම දෙවන ඉනිම ආරම්භ කළහ.

පළමු ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කල මැට් රෙන්ශෙව් ආබාදයට ලක්වීම නිසා කවාජා සමගින් පිටියට පැමිණි ඩේවිඩ් වෝනර් මිස්බා ඉදිරිපිටම ඔහු පිහිටවා තිබෙන වේගවත්ම අර්ධශතක වාර්තාව බිදහෙළීමට උත්සාහ කලද එය අසාර්ථක විය.

මෙතෙක් වාර්තා වී ඇති වේගවත්ම අර්ධ ශතක වන්නේ,

Balls Batsman Match Location Year
21 Misbah-ul-Haq Pakistan v Australia Abu Dhabi 2014-15
23 DA Warner Australia v Pakistan Sydney 2016-17
24 JH Kallis South Africa v Zimbabwe Cape Town 2004-05
25 S Shillingford West Indies v New Zealand Kingston 2014
26 Shahid Afridi Pakistan v India Bangalore 2004-05
26 Mohammad Ashraful Bangaldesh v India Mirpur 2007
26 DW Steyn South Africa v West Indies Port Elizabeth 2014-15
27 Yousuf Youhana Pakistan v South Africa Cape Town 2002-03
28 EAV Williams West Indies v England Bridgetown 1947-48
28 IT Botham England v India Delhi 1981-82

ඔස්ට්‍රේලියාව දෙවන ඉනිම 7.53 ලකුණු වේගයක් සහිතව පන්දුවාර 32 කදී ලකුණු 242 /2 ලබාගෙන සිය දෙවන ඉනිම අත්හිටවූ අතර පකිස්තානයට තරගය ජයගැනීමට නම් ලකුණු 465ක් ලබාගත යුතුය.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.