284543-slc-logo

දකුණු අප්‍රිකා සංචාරයේ නායකත්වය වෙනස් වේ..අලුත් මුහුණක් සංචිතයට….

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ මේ දක්වා පැවති ටෙස්ට් තරග දෙකම පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ටෙස්ට් තරගයක් එක්දින තරග පහක් සහ T 20 තරග දෙකක් ඉතිරිව ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම මෙලෙස දකුණු අප්‍රිකාවේ සිටින කාලයේම තවත් ක්‍රිකට්   කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව බලා පිටත්වීමට නියමිතය.ඒ ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමයි.16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දීර්ඝ ක්‍රිකට් තරගාවලියක් සඳහා මේ මස 8 වැනිදා  පිටත්ව යන අතර, සංචාරයේ  පළමුවෙන්  තුන්කොන් තරගාවලියක්  දකුණු අප්‍රිකානු හා සිම්බාබ්වේ කණ්ඩායම් සමඟින් පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලියට පසුව තවත් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා තරුණයෝ සිම්බාබ්වේ දේශයට යෑමට නියමිතව ඇත.

පසුගිය දා නිමාවූ යෞවන ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගිවී අනුශුරතාවය  දිනු කණ්ඩායමේ  නායකත්වය වෙනස් කරමින්     එහි නායකත්වය දැරූ රිච්මන්ඩ් විද්‍යාලයේ කමිදු මෙන්ඩිස් එළබෙන තරගාවලියේ දී උපනායකයා ලෙස පත්කර ඇති අතර නායකත්වයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්තාව හිමිවූ අවිශ්ක ප්‍රනාන්දු හටය.

ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු වන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායක මිශේන් සිල්වා ද මෙම සංචිතය සදහා නම්කර ඇති අතර, ඔහුට අමතරව ඉසිපතන විද්‍යාලයේ හා කළුතර භෞතික සංස්කෘතික සමාජයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද මෙම 16 දෙනාට ඇතුළත්ය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් අතුරෙන් වඩාත්ම ජනප්‍රිය චරිතයක් වන  සම්මු අශාන්  ද මෙම සංචිතයේ ඉඩකඩ වෙන්කර ගැනීමට සමත්ව ඇති අතර, සාන්ත පීතර විද්‍යාලයේ වේග පන්දු යවන ක්‍රීඩක මනෙල්කාර් ද සිල්වා ද පළමු වරට යොවුන් සංචිතය සඳහා නම්කර ඇත.

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය

අවිශ්ක ප්‍රනාන්දු (නායක) – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කමිදු මෙන්ඩිස් (උප නායක) – රිච්මන්ඩ් විද්‍යාලය

සම්මු අශාන් – ආනන්ද විද්‍යාලය

අශේන් බණ්ඩාර – සාන්ත ඇලෝසියස් විද්‍යාලය

ජෙහාන් ඩැනියල් – සාන්ත ජෝශප් විද්‍යාලය

මිශේන් සිල්වා – සාන්ත සෙබස්තියන් විද්‍යාලය /පානදුර ක්‍රීඩා සමාජය

මනෙල්කාර් ද සිල්වා – සාන්ත පීතර විද්‍යාලය

පැතුම් නිස්සංක – ඉසිපතන විද්‍යාලය

විශ්ව චතුරංග – වේල්ස් කුමර විද්‍යාලය ය

රෙවාන් කෙලී – සාන්ත ජෝශප් විද්‍යාලය

හසිත බෝයගොඩ – ත්‍රිත්ව විද්‍යාලය

ක්‍රිශාන් සංජුල – ද මැසනොඩ් විද්‍යාලය

ප්‍රවීන් ජයවික්‍රම – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

හරීන් බුද්ධිල – සාන්ත ඇලෝසියස් විද්‍යාලය

තිසරු රශ්මික ඩිල්ශාන් – ත්‍රිත්ව විද්‍යාලය

නිපුන් රංසික – පී.ද.එස් කුලරත්න විද්‍යාලය

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.