2017jan05024203_630014438

Super Smash 2016-17 ජය Wellington පිලට…

නවසීලන්තයේ පැවති Super Smash  තරගාවලියේ ජයග්‍රහණය මීට සුළු මොහොතකට පෙර Wellington කණ්ඩායම විසින්  දිනාගනු  ලැබුවේ අවසන් තරගයේදී Central Districts කණ්ඩායම ලකුණු 14 කින් පරාජයට පත්කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මෙම තරගාවලිය පිලිබදව අවදානයෙන් සිටියේ තරගාවලිය පුරා ලකුණු අතර සිටි මහේල ජයවර්දන Central Districts කන්ඩායම නියෝජනය කල නිසාවෙනි. නමුත් අද පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මෙන්ම Central Districts කණ්ඩායමට සහය දක්වන සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරමින් මහේල තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවීයාම Central Districts පරාජයට ප්‍රදාන හේතුවක් විය.

තරගයේ කාසිය වාසිය දිනු Central Districts කණ්ඩායම මුලින පන්දුවට පහර දීමට ප්‍රතිවාදී පිලට ආරාදනා කල අතර එම තීරණය නිවැරදි බව පෙන්වමින්  Wellington පළමු කඩුලු 7 ලකුණු 114 ට බිදවටුනේ පන්දුවාර 16ක් තුළදීය.

එතැන් සිට අවසන් පන්දුවාර 4 තුල වේගවත් පිතිහරභයක නිරත වූ නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කල දග පන්දු යවන්නෙකු  වූ ජීතාන් පටෙල් සහ මැතිව් ටේලර් දෙදෙනා කණ්ඩායමේ ලකුණු තත්වය 172 දක්වා ඉහල නැංවීම මෙම තරගයේ හැරවුම් ලක්ෂයකි.

පිළිතුරු ඉනිම සදහා පිටියට පැමිණි Central Districts කණ්ඩායම ආරම්භයේ සිටම දරුණු පසු බෑමකට ලක්වුණ අතර  අංක හත පිතිකරු ලෙස පැමිණි 19 හැවිරිදි ක්ලාර්ක්සන් පමණක් අර්ධ ශතකයක් ලබාගත්තද එය Central Districts පරාජය පමා කිරීමට පමණක් ප්‍රමාණවත් විය.

5

6

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.