647_083116102058

එක්දින සංචිතයෙන් ජ්‍යෙෂ්ටයන් දෙදෙනෙක් හැලේ..අංක 3 ප්‍රහාරාත්මක පිතිකරු කැදවයි…

ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරිත්වය සමග ක්‍රීඩකයන් දක්වන දක්ෂතා නිරන්තරව පවත්වා ගැනීමට ක්‍රීඩකයෙකු අසමත් වන්නේනම් ඔහුගේ අතීත දක්ෂතා හෝ ජෙෂ්ටත්වය එම ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට පැමිණීමට හේතුවක් කර නොගන්නා බවට නිදසුන් සපයමින් ඕස්ට්‍රේලියාව පකිස්තානය සමග එක්දින සංචිතය නම් කිරීමේදී ජෝර්ජ් බේලි සහ ආරොන් ෆින්ච් නොසලකා හැර තිබේ.

ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකා සංචාරයට පෙර සහබාගී වූ ශ්‍රී ලංකා එක්දින සංචාරයේ තරගාවලිය ජය ගැනීමට වැඩිම දායකත්වයක් ලබාදුන් ජෝර්ජ් බේලි සහ එම සංචාරයේ පිත්තෙන් දක්ෂතා පෙන්වූ ආරොන් ෆින්ච් ඉන් පසුව පැවතී දකුණු අප්‍රිකා එක්දින තරග පහේදී අසාර්ථක වීම මෙලෙස ඔවුන් නොසලකා හැරීමට හේතු වී තිබේ.

බිග් බෑෂ් තරගාවලියේ  සුපිරි දක්ෂතා දක්වන ක්‍රිස් ලින් සංචිතයට කැදවා ඇති අතර,Brisbane Heat කණ්ඩායම නියෝජනය කරමින් බිග් බෑෂ් තරගාවලියේදී ලකුණු ලාභීන් අතර මුලින්ම සිටින ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 154 ක රදවාගන්නේ 177 ක ප්‍රහාරාත්මක වේගයක්ද සහිතවය.කෙසේ නමුත් ඔහු අවසාන වරට දේශීය තරගයකට සහභාගී වී තිබෙන්නේ 2013 වන අතර ඔහුගේ තෝරා ගැනීමට හේතුවී ඇත්තේ T 20 තරග වල ඔහු පෙන්වන දක්ෂතාවන් වේ.

පසුගිය වසර හතර තුල ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වන්නේ ජෝර්ජ් බේලි වන අතර එම සටහනේ තුන්වන වැඩිම ලකුණු ලාභීයා වන්නේ ආරොන් ෆින්ච්ය. කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව විසින් ගත් මෙම තීරණ වල ප්‍රතිපල අනාගතයෙදී දැකගත හැකි වනු  ඇත.

පකිස්තානය සමග තරගාවලියට නම් කල ඕස්ට්‍රේලියා සංචිතය…

Steven Smith (capt), David Warner, Pat Cummins, James Faulkner, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Chris Lynn, Mitchell Marsh, Glenn Maxwell, Billy Stanlake, Mitchell Starc, Matthew Wade (wk), Adam Zampa

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.