16sangakkara

සංගා අවදානමක…….

ශ්‍රී ලංකාව බිහි කල සුපිරිතම පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ජ්‍යාත්‍යන්තර ක්‍රිකට්තරඟ වලින් 2015 ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමඟ තරඟයෙන් සමු ගත්තද ඔහුගේ හැකියාවන් තවමත් එකම මට්ටමක පවත්වාගෙන යන නිසා ඔහුට ලෝකය පුරා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලි වලට ඇති ඉල්ලුම අඩු වී නැත.

Jamaica Tallawahs,   Marylebone Cricket Club, Quetta Gladiators, Sunrisers Hyderabad, Warwickshire, Surrey, Dhaka Dynamites, වැනි ලොව  පුර ඇති ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් කණ්ඩායම්  වලට තම සුපිරි හැකියාවෙන් දායකත්වය ලබා දුන් සංගා ඕස්ට්‍රේලියාවේ ප්‍රධනතම T20 තරඟාවලිය වන බිග් බෑෂ් තරඟාවලියේ Hobart Hurricanes කණ්ඩායමට සමඟ මේ වසරේ ගිවිසුම් ගත වුවද තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ වලදී ඔහුගේ සුපුරුදු හැකියාවන් වෙත ප්‍රවිෂ්ට වීමට නොහැකිවීම මත ඉදිරි තරඟ අහිමි වීමේ අවදානමක් සංගාට මතුව ඇත.

මෙම තරඟ වාරයේ තරඟ 5 කට සහභාගී වී ඇති සංගක්කාර ලබාගෙන ඇත්තේ ලකුණු 68ක් පමනි. තරඟාවලිය යටතේ Hobart Hurricanes  සහභාගී වන 6 වන තරඟය වන  Sydney Thunder සමඟ තරඟයේදී  සංගක්කාර තම ස්ථානය තහවුරු කර ගැනීමට අපොහොසත් වී ඇත.

දක්ෂතාවයන් සහ ජනප්‍රියත්වය මතම  මිල තීරණය වන ප්‍රධාන ක්‍රිකට් ලීග තරඟාවලි වල සංගක්කාරගේ ඉල්ලුමට මෙය අවදානම් සහගත ලෙස බලපානු ඇත.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.