muttiah-muralitharan-008

මුරලිට එල්ල වූ චෝදනාව රංගනටත් එල්ල වන ලකුණු….

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සුපිරිතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියෙන් ඈත් කිරීමට ඔහු ක්‍රීඩා කරන සමයේ සුදු ජාතිකයන් නොගත් උත්සාහයක් නැත.නමුත් එම සියලු චෝදනා හමුවේ ජයග්‍රහණය වෙත පැමිණි මුරලි නැවතුනේ වැඩිම ජාත්‍යන්තර කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා බවට පත් වෙමිනි.

කතාව එය නොවේ,මුරලිදරන් වසර 18ක පමණ කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දග පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම නියෝජනය කරද්දී ඔහුගේ දක්ෂතා වලට යට වූ තවත් දක්ෂයන් කීයකට ශ්‍රීලංකාව නියෝජනය කිරීමේ අවස්තාව අහිමි වුවාද යන්නට සජීව වීරකෝන්,මුතුමුදලිගේ පුෂ්පකුමාර,දිනුක් හෙට්ටිආරච්චි,නිමේෂ් පෙරේරා වැනි පන්දු යවන්නන් උදාහරණ සපයයි.

කණ්ඩායමට පැමිණීමේ සටනේ නිරන්තරව රැදී සිටි රංගන හේරත්ගේ දෙවන සම්ප්‍රාප්තිය සිදු වන්නේ මුරලිගේ සමු ගැනීමත් සමගය,එවකට ඔහුගේ වයස අවරුදු 31 ක පමණ වේ.නමුත් ඔහු ටෙස්ට් වරම් ලබාගත්තේ වයස 21ක තරම් ලාබාල වයසකදීය.රංගන ලබාගත් ටෙස්ට් කඩුලු 357 න් 300 කට ආසන්න කඩුලු සංක්‍යාවක් ඔහු ලබා ඇත්තේ මුරලිගේ සමු ගැනීමෙන් පසුවය.

මුරලිගෙන් පසුව ශ්‍රී ලංකා ස්ථිර දග පන්දු යවන්නා වූ හේරත් දැන් වයස 39කට ආසන්නය,තවමත් ඔහු හොදින් පන්දු යවයි.මුරලිගේ සෙවනැල්ලට වැසුණු රංගන වැනි ක්‍රීඩකයන් රැසක් රන්ගනගේ හැකියාවන්ටද වැසී ඇත.ඔවුන් දේශීය තරග වල සුපිරි වැඩ කාරයන්ය,දැන් ක්‍රියාත්මක වන දේශීය පලමු පෙළ කඩුලු ලාභීන් දෙස බැලු විට එවැනි දක්ෂයන් හදුනා ගත හැක.ඉදිරියෙන්ම සිටින්නේ මාලින්ද පුෂ්පකුමාරයි,ඔහුගේ වයස දැන් 30 ට ආසන්නය,පළමු පෙළ කඩුලු 508 ක් ලබාගෙන සිටින්නේ එක් කඩුල්ලකට ලකුණු 20ක් පමණ ලබා දෙමිනි.

සුරාජ් රන්දීව් කඩුලු 599 ක ලබාගෙන සිටී,ඔහුට වයස 31කි,ඊට අමතරව අමිල අපොන්සු,මලිත්ද සිල්වා,ජෙෆ්රි වැන්ඩසේ වැනි තරුණයන් රැසක්ද දක්ෂතා දක්වමින් කණ්ඩායමේ තැනක් දිනාගැනීමට සටන් කරයි.

මුරලිගේ දක්ෂතා නිසා   ජාතික කණ්ඩායමේ දක්ෂතා පෙන්වීමට රංගනට ලැබුන කාලය මදි වුනා යයි ඇතැමෙක් නගන චෝදනාව ඉදිරියේ රන්ගනගේ අනුප්‍රාප්තිකයා පිළිබදවද නැගිය හැකිනම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවකි.මන්දයත් එලෙස චෝදනාවක් රංගනට එල්ල වන්නේ අනාගතයේ ඔහුගේ දක්ෂතා වලට අභියෝගයක් විය හැකි දක්ෂයකු බිහි වන්නේ නම් පමණක් වන නිසාය.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.