2

ICC ශ්‍රේණිගත කිරීමෙන් රංගන පහලට,ලක්මාල් ඉහලට..අපේ ක්‍රීඩකයන්ට හිමි තැන් මෙන්න…

Submitted by Shalaka Wijewardena.

දකුණු අප්‍රිකානු සංචාරයේදී මේ දක්වා වැඩිම කඩුලු ලබාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්ව සිටින සුරංග ලක්මාල් සිය ටෙස්ට් තරග දිවියේ හොඳම ශ්‍රේණිගත ස්ථානය ලබාගෙන සිටී. අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පියවර 6 කින් ඉහළට පැමිණි  ලක්මාල් මේ වන විට අන්තර්ජාතික ටෙස්ට් පන්දු යවන්නන් අතරේ 30 වැනි ස්ථානය ලබාගෙන සිටී.රංගන හේරත් පියවරක් පසුපසට ගොස් 4 වන ස්ථානයට පත්වී ඇත.

ICC පන්දු යවන්නන් ශ්‍රේනිගත කිරීමේ පළමු ක්‍රීඩකයන් 10 දෙනා වන්නේ,

1

පන්දු යවන්නන් අතර පළමු ක්‍රීඩකයන් 50 අතරට ඇතුලත්ව ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ ,

16 ඩිල්රුවන් පෙරේරා

24 ධම්මික ප්‍රසාත්

30 සුරංග ලක්මාල්

39 නුවන් ප්‍රදීප්

44 ශාමින්ද එරංග

 

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණි ගත කිරීමේ පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරට කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවකු ඇතුලත් නොවන අතර පළමු ස්ථාන 4 දැනට ටෙස්ට් පිටියේ සිටින හොදම පිතිකරුවන් හතර දෙනා ලෙස සැලකෙන ස්මිත්,කෝලි,රූඩ්,විලියම්සන් අතර බෙදීගොස් ඇත.

capture-20170110-082858

පළමු පිතිකරුවන් 50 ට ඇතුලත් ශ්‍රී ලාංකික පිතිකරුවන් වන්නේ,

14 ඇන්ජලෝ මැතිව්ස්

26 දිනේෂ් චන්දිමාල්

33 දනන්ජය ද සිල්වා

39 කුසල් මෙන්ඩිස්

44 දිමුත් කරුණාරත්න

46 කෞශාල් සිල්වා

 

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.