Sri Lanka's cricket coach Graham Ford (L) and bowling coach Champaka Ramanayake (C) speak with former Pakistan cricketer Wasim Akram during his first coaching session at the Sinhalese Sports Club (SSC) grounds in Colombo on December 1, 2016.
Former Pakistan cricketer Wasim Akram has begun his coaching tenure with the Sri Lankan cricket team. / AFP PHOTO / Ishara S. KODIKARA

“අපි 150kph පන්දු යවන්නෝ දෙදෙනෙක් සොයාගත්තා”.-(ශ්‍රී ලංකා වේගපන්දු යැවීමේ පුහුණුකරු)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය උපමහද්වීප තණතීරු මත දක්වන හැකියාවන් එංගලන්තය ,දකුණු අප්‍රිකාව, නවසීලන්තය,ඕස්ටේලියාව වැනි රටවලදී දැක්වීමට ප්‍රදානම බාදාවක් වී ඇත්තේ අපිට තරග දිනවිය හැකි මට්ටමේ වේගපන්දු යවන්නන්ගේ හිගයයි.

දැන් ක්‍රියාත්මක වන දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියේ නවක ක්‍රීඩක ලහිරු කුමාර  සහ සුරංග ලක්මාල් දැක්වූ දක්ෂතා සමග  නැවතත් වේගපන්දු යවන්නන් පිළිබද කතිකාවක් ගොඩනැගී ඇත.ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායකටද මෙම වේගපන්දු යවන්නන් දක්වන දක්ෂතා පිලිබදව පැසසිය යුතුය.මන්ද ඔහු ශ්‍රී ලංකාවේ වේගපන්දු යැවීමේ පුහුණු කරු ලෙස හොද සේවයක් ක්‍රිකට් ක්‍රීඩාවට කාලයක සිට සිදු කරන නිසාවෙනි.

ලහිරු කුමාර  සම්බන්දයෙන් cricinfo සමග  අදහස් දක්වමින්,චම්පක  පවසා සිටින්නේ ඔහුගේ වේගය තවත් වැඩිකර ගැනීමට ඔහුට හැකි බවයි.

“ලහිරු දැනටත් 145kph වේගයට නිතරම පන්දු යවනවා,එයාට තවම වයස 19ක්,සාමාන්‍යයෙන් 23 -24 වගේ වෙද්දී ශරීරය පරිණත වීමත් එක්ක ස්වභාවයෙන්ම එයාගේ වේගය තවත් වැඩිවෙයි,”

තවදුරටත් ලහිරු කුමාර ගැන අදහස් දක්වන රාමනායක,

“ලහිරුගේ වේගය අපි හදුනා ගත්තේ අවරුදු 15දි වගේ,ඒ කාලේ එයාගේ පන්දු යැවීමේ පාලනයක් තිබුනේ නෑ,දැන් ඒ තත්වේ වෙනස් එයා දකුණත් පිතිකරුවාගේ ඇතුලට එන පන්දුව හොදට දානවා,ඒක වේගයත් එක්ක පිතිකරුවන්ට ලේසි වෙන්නේ නෑ.මම ගොඩක් අවදානය යොමු කරන්නේ එයාගේ පන්දු වල තියන ඉලක්කය පාලනය නියම විදියට හදා ගන්න උදව් වෙන්න,වේගය ගැන වැඩිය හිතන්නේ නෑ.”

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු කරු චමීර පිලිබදවත් අදහස් දක්වා ඇත,

“චමීර ආබාදයට පස්සේ ඇවිත් තියෙන්නේ එයා තුන්වන තරගයට සහභාගී වෙයිද කියන එකනම් මම හරියටම කියන්න බෑ,හැබැයි අනාගතේ හොද වේගපන්දු යවන්නෝ දෙදෙනෙක් අපිට ඉන්නවා කියලනම් කියන්න පුළුවන්, දෙන්නටම 150kph පන්දු යවන්න පුළුවන්,    දක්ෂතා එක්ක ශාරීරික යෝග්‍යතාවයත් හොදට තියාගන්න එක තමයි වෙන්න ඕන.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.