Australia v England, David Warner

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන T20 තරගාවලිය ගැන ඩේවිඩ් වෝනර් අසතුටෙන්….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරය නිමකිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේදී T 20 තරග තුනකට සහබාගී වීමට නියමිතව ඇත.

මෙම තරගාවලියේ තරග තුනක් පැවැත්වීමට නියමිත අතර පෙබරවාරි මස 17,19,සහ 22 මෙම තරග පැවැත්වීමට යෝජිතව ඇත.ඔස්ට්‍රේලියාව මෙම තරගාවලිය අවසන් වූ සැනින් ඉන්දියාව සමග ටෙස්ට් තරගවලියකටද මුහුණදීමට සැලසුම් කර ඇත.එහි පළමු ටෙස්ට් තරගය 23 එනම් අවසන් T 20 තරගයෙන් දිනකට පසුව ඇරබීමට නියමිතය.

Fox Sports සමග මෙම තරගාවලි සම්බන්දයෙන් අදහස් දක්වා ඇති ඕස්ට්‍රේලියා උපනායක ඩේවිඩ් වෝනර් මෙම තරග සැලැස්ම පිළිබද තම අසතුට පළකර ඇත.වෝනර්  පවසා ඇති අන්දමට මෙම තරගාවලියට  ප්‍රදාන කණ්ඩායම සහභාගී නොකලද එය ක්‍රීඩකයන්ට කරන අසාදාරනයක් යයි ඔහු පවසා ඇත,

“මේක  සම්පුරයෙන්ම Cricket Australia සැලසුමේ වරදක්, අපි  T 20 කණ්ඩායමේ ප්‍රදාන සාමාජිකයෝ මම,ස්මිත්,කවජා,මාෂ්,ස්ටාක්  පහුගිය ලෝක කුසලානෙටත්  සහභාගී වුනා,අපේ ලොකු ඉලක්කයක් තියනවා ලෝක කුසලානයක් දිනන්න,ඒ ඉලක්කෙට යද්දී අපිට කිසිම තරගයක් අවතක්සේරු කරන්න බෑ,අනික  ලබන වසරේ තියන ලෝක කුසලානෙට කලින් අපිට ගොඩක් තරග නෑ අත්දැකිම් ගන්න.ඒ නිසා මගේ නම් කිසිම කැමැත්තක් නෑ මේ විදියට තරග සංවිදානය කරන එක ගැන.”

වෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ටෙස්ට් කණ්ඩායම වෙනත් රටක සංචාරයකට පිටත් වී ඇති අතර මෙවැනි ප්‍රදාන තරගාවලියක් පැවැත්වීම කිසිසේත් සුදුසු නොවන බවයි.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.