352377_83229419

 ඔස්ට්‍රේලියා සංචාරය, පකිස්තාන ක්‍රීඩකයන්ගේ අම්මලාට අපලයි….

පාකිස්තාන කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ ටෙස්ට් තරගාවලිය තරග තුනම පරාජයට පත් වූ  පකිස්තාන කණ්ඩායම දැන් එක්දින තරගාවලියට සුදානම් වෙමින් සිටී.නමුත් පරාජිත් මානසිකත්වයෙන් සිටින පකිස්තාන කණ්ඩායමෙන් තවත් සගයෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටවී පකිස්තානය බලා පැමිණ තිබේ.පකිස්තාන කඩුලු රකින්නා මෙන්ම උප නායකයාද වන  සෆ්රාස් අහමඩ් මෙලෙස කණ්ඩායමෙන් ඉවත්වී තිබෙන්නේ ඔහුගේ මව රෝගාතුර වීම නිසාවෙනි.කරච්චි රෝහලකට ඇතුලත් කර ඇති සෆ්රාස් ගේ මව ICU ගත කර ඇති නිසා සෆ්රාස් ඉක්මනින් පකිස්තානය බලා පැමිණ තිබේ.

සෆ්රාස්ගේ ඉවත්වීමට පෙර වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන් ද ඕස්ට්‍රේලියාවේ සිට නැවත පකිස්තානය බලා පැමිණියේ ඔහුගේ මවගේ වියෝව හේතුවෙනි.

ඉර්ෆාන් වෙනුවට ජුනයිඩ් ඛාන් කණ්ඩායමට එකතු වුන අතර සෆ්රාස් වෙනුවෙන් කම්රාන් අක්මාල් කැදවනු ඇතැයි පකිස්තාන් ආරංචි මාර්ග පවසයි.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.