9967750c10a5f6b933fffadfd124333af6cb82f69beedd2a438d98e5c8e44305_large

සනත්ගෙන් පිතිකරුවන්ට රතු එළි…

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්  කමිටු  ප්‍රධානී සනත් ජයසූරිය පසුගිය කාලයේ ක්‍රිකට් පරිපාලනය සමග විරසකව සිටි බවට පුවත් පලවිය,නායක මැතිව්ස්ගේ ඇතැම් ක්‍රියාවන් සම්බන්දයෙන්ද ඔහු ගේ එකගතාවයක් නැතැයි පුවත් අසන්නට ලැබුණි,

ජයසූරිය Sunday Times සමග  අදහස් දක්වමින්, ඔහුගේ ප්‍රදානත්වයෙන් යුතු තේරීම් කමිටුවම තෝරා ගත් පිතිකරුවන් සම්බන්දයෙන් චෝදනා මුඛයෙන් අදහස් පල කර ඇත.

“අපි දකුණු අප්‍රිකාවට යැව්වේ අත්දැකීම් තියන ක්‍රීඩකයෝ එක්ක තරුණ ක්‍රීඩකයන්ගේ මිශ්‍රනයක්,එයාල මොනවා කරනවද මට හිතාගන්න බෑ, පලවෙනි තරගේ සමාවක් දෙන්න පුළුවන් ගොඩක් අය දකුණු අප්‍රිකාවේ ටෙස්ට් මැච් එකක් ගහන පලවෙනි වතාව නිසා,ඒත් දෙවැනි එකත් ඒවගේමයි.අඩුම ගානේ එක හාදයෙක්වත් හොදට සෙල්ලම් කලේ නෑ,

පළමු තරග දෙකම පරාජය පත්වී තරගාවලිය පරාජය වී ඇති මොහොතක තරගාවලියේ අවසාන තරගය ගැන අදහස් දක්වන ජයසුරිය,

“අඩුම ගානේ අන්තිම තරගේවත් සතුටු වෙන්න පුළුවන් දක්ෂතා වලට පිතිකරුවන් එනවද කියල අපි බලාගෙන ඉන්නේ.”

පන්දු යවන්නන් ගැන ජයසුරිය පවසන්නේ,”එයාලට කරන්න දෙයක් තිබුනේ නෑ ඇත්තටම පිතිකරුවෝ තරග දෙකේම එයාලගේ වැඩේ හරියට කලේ නැති නිසා පන්දු යවන්නන්ට තරග ගොඩ දාන්න බැරි වුනා,”

ජයසුරියගේ මෙම අසතුට සහ පළමු පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක්  හොදින් ලකුණු අතර සිටීම නිසා  එළබෙන බංගලාදේශ සංචාරයට තම ස්ථානය තහවුරු කර ගැනීමට නම් අවසන් තරගය පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීම අනිවාර්ය වනු ඇත.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.