wanderers2005mainstandsunandshadeg600

හෙට තරගයට වේගවත් තණතිල්ලක්…රංගන ලෝක වාර්තාව අතපොවන මානයේ…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය හෙට වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු වූ වොන්ඩරස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලිය පරාජයට පත්වී ඇතත් හෙට තරගය ජයගත හැකිනම් එය ශ්‍රී ලංකාව ලබාගන්නා ජයග්‍රහණයකි.

හෙට තරගයට බොහෝ විට පසුගිය තරගයට ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිලම සහබාගී වන බව වාර්තා වන අතර දකුණු අප්‍රිකාව හැරදා ගිය කෙයිල් අබ්‍රෝඩ් වෙනුවට වමත් වේගපන්දු යවන ක්‍රීඩක වේන් පානෙල් දකුණු අප්‍රිකා කණ්ඩායමට ඇතුලත් වනු ඇත.

මෙම තරගයේදී කඩුලු හයක් දවා ගැනීමට හැකි වුව හොත් රංගන හේරත් ක්‍රිකට් වංශ කතාවේ වැඩිම කඩුලු ලබාගත් දග පන්දු යවන්නා වනු ඇත.දැනට මෙම වාර්තාව උසුලන්නේ ටෙස්ට් කඩුලු 362ක් ලබා ගත් ඩැනියෙල් විටෝරි විසිනි.

මෙම පිටියේ අවසන් වරට ශ්‍රී ලංකාව මුහුණ දුන් තරගය 2002 දී ඉනිමකුත් ලකුණු 64 කින් පරාජයට පත්වී ඇත.

එම තරගයේ ලකුණු පුවරුව…

1

2

3

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.