prv_76f02_1483460419

ශ්‍රී ලංකාවේ පරාජය පිටුපස “KG”

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ලබන පරාජයන් පිළිබද විවිද චෝදනා එල්ල වේ.ඇතැම් අය නායකයා විවේචනය කරද්දී තවත් කෙනෙක් කණ්ඩායමේ පිතිකරුවන්ට වරද පටවයි.පරාජයේ ස්වභාවය එයයි.ජයග්‍රහණයට පියවරුන් සියගණනක් සිටියද පරාජය අවජාතකයි කියන්නේ ඒ නිසාය.

ඇත්තටම ශ්‍රී ලංකාවට මොකද්ද මේ උනේ සිතන අයට දකුණු අප්‍රිකා භුමියේ අපේ අතීත වාර්තා විමසු විට පිළිතුර සොයාගත හැක.අපි දකුණු අප්‍රිකා භුමියේ සැමදා අසාර්ථකය.නමුත් මෙවර අපි මුහුණ දුන් පුහුණු තරගයේ අපේ පිතිකරුවන්  සාර්ථකය.නමුත් ටෙස්ට් තරග දෙක අන්තිම අසාර්ථකය.

ශ්‍රී ලංකාවේ පසු බෑමට ප්‍රදානම හේතුව KG ය.KG ලෙස  දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් අනුවර්ත නාමයෙන් හදුන්වන්නේ Kagiso Rabada ය. ෆිලන්ඩර් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කඩුලු බිද දැමුවද වඩාත්ම පීඩනයක් එල්ල වන්නේ KG ගෙනි.නිරන්තරයෙන් 145kph පන්දු යවන මේ 21 හැවිරිදි තරුණයා පසුගිය ඔස්ට්‍රේලියා සංචාරයේද ඔස්ට්‍රේලියාවට මහත් හිසරදයක් විය.නායක ෆැට් ඩුප්ලේසි තමන්ට තර්ජනය වන ඉනිමක් ගොඩනැගීමේ පදනම පිතිකරුවෙකු දමනවා සමගම මේ තරුණයා පන්දු යැවීමට කැදවා අවශ්‍ය කඩුල්ල ලබාගෙන ඔහුගේ පන්දු යැවීම නවත්වයි.KG එල්ල කඩන පීඩනය අනෙක් පස පන්දු යවන්නන්ටද වාසි දායකව බලපායි.මන්ද යත් KG ට ආරක්ෂා වී අනෙත් පන්දු යවන්නාට පහරදී පීඩනයෙන් ගැලවීමට උත්සාහ දරද්දී ඔහුටද කඩුලු ලබාගැනීමේ අවස්ථාවන් වැඩි වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට KG ගේ පීඩනයෙන් මිදීමට හැකි වුව හොත් තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ජය ගනීමට බලාපොරොත්තු තබාගත් හැකි වනු ඇත.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.